කෘත්‍රීම ස්වසන යන්ත්‍ර නිෂ්පාදනයට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාය

Share

කෘත්‍රීම ස්වසන යන්ත්‍ර හෙවත් ස්වසන සංවාතන යන්ත්‍රවල  (වෙන්ටිලේටර්ස්)  සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා සහාය දෙන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස්දී ඇත.

 

ඒ අනුව කොරෝනා වෙෙරසය ආසාදනය වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය කර තිබෙන කෘත්‍රිම ස්වසන යන්ත්‍ර සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය ආසාදනයවී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට අවශ්‍ය සායනික කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.ඩී.එස්. අශාන් සිසුවාට අවශ්‍ය පහසුකම් සිය ආයතනය මඟින් සලසා ඇතැයි ද හෙතෙම කීය.

එහි මූලික සාම්පලය සතියක කාලයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව ද දිසානායක මහතා කීවේය.

කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහාය දැක්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම් බවත් ඒ සඳහා 0774569098 අමතන ලෙසත් දිසානායක මහතා තවදුරටත් පැවසුවා.

Read more

Local News