හෙට සිට ප්‍රදේශ කීපයකට තදවැසි

Share

හෙට (04) සිට ඉදිරි දින කී‍‍පයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පමණ පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

Read more

Local News