කාෙරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිකාර සදහා වලස් පිත යොදා ගැනීමට චීනයේ අනුමැතිය

Share

ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ සතුන් මාර්ගයෙන් බවට විද්‍යාඥයින්ගේ මතයයි.

 

චීනයේ ඇතැම් ආහාර පුරුදු පිළිබඳව දැඩි කතාබහට ලක් වුණි.

එය දැඩි මතභේදාත්මක මාතෘකාවක් වී ඇති පසුබිමක ෂෙන්සෙන් නගරය  සුනඛ සහ බළල් මාංශ පරිභෝජනය ඊයේ (02) දිනයේ සිට තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ  සුනඛ සහ බළල් මාංශ පරිභෝජනය තහනම් කළ පළමු චීන නගරය බවට පත්වෙමින්.

කෙසේ වෙතත් එවැනි පසුබිමක් තුළ වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වලස් පිත යොදා ගැනීමට චීනයේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය පුරා වන සත්ත්ව මාංශ වෙළෙඳාම තහනම් කර සති කිහිපයකට පසුවයි.

එම පියවර සත්ත්ව අයිතීන් සුරකින ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව සඳහන්.

Read more

Local News