තවත් කොරෝනා ආසාදිතයින් 4ක් සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Share

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව පුද්ගලයින් 38 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් 135 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 178 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් 5 දෙනෙකු මියගියේය.

Read more

Local News