කොරෝනා රෝගීන් ගණන 186ක් දක්වා ඉහළට

Share

මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 186 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.

මේ වන විට කෙරෝනා වෛරසය ආසාදිතයින් 186 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 137 දෙනෙකු අයි.ඩී.එච්.වැලිකන්ද සහ මුල්ලේරියාව යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි

කෙසේවෙතත් මේ වන විට වෛරසය ආසාදනය වූ 42 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

Read more

Local News