හෙට දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි

Share

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙයි.

 

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 4.00 ට යළිත් ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

මේ අතර ඇඳිරිනීතිය උල්ලංඝනය කරන්නන් සොයා තවදුරටත් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන පසුබිමක කොළඹ, පෑලියගොඩ නගරයේ අද දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණි.

ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1815 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 595කි.

ඒ අනුව ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 17,717දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ වාහන සංඛ්‍යාව 4586ක්.

අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කරන ඇඳිරි නීති බලපත්‍රය භාවිත කර වෙනත් පුද්ගලයින්ද වාහනවල නංවාගෙන යන පුද්ගලයින් රැසක් අදත් පොලිසියේ පරික්ෂාවට ලක්වුණි.

Read more

Local News