බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් නිරෝධායනට

Share

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍ය මයිකල් ගෝවේටත් ස්වයං නිරෝධායනය වීමට සිදුව තිබේ.

 

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍ය මයිකල් ගෝවේ ස්වයං නිරෝධායනය සඳහා යොමුව ඇත.

ඒ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟයි.

52හැවිරිදි අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය දේශපාලනයේ දැවන්ත චරිතයක් ලෙසින් සැලකෙයි.

කොවිඩ් වෛරස ආසාදනයෙන් දැඩිව රෝගාතුර වී සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාදීමටත් ඊයේ ඔහු කටයුතු කළේය.

කෙසේ නමුත් අමාත්‍යවරයාටද දැන් සිදුව ඇත්තේ, නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමටයි.

කොවිඩ් 19 ආසාදනයෙන් මේ වනවිට එක්සත් රාජධානියේ පමණක් සිදුව ඇති මරණ ගණන 7,000 ඉක්මවා තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, ඉදිරි සතිය එම කලාපයට වඩාත් තීරණාත්මක සමයක් වනු ඇති බවයි.

Read more

Local News