ඉන්දුනීසියානු ජනපති 24-25 මෙරට සංචාරයක

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත  ජෝකෝ විඩෝඩෝ මහතා 2018 මේ මස 24-25 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නියැළෙයි.

හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව ජනවාරි මස 24 වැනි දින සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම්
කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.

ජනවාරි 25 වැනි දින උදෑසන පැවැත්වෙන හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපති විඩෝඩෝ මහතා සමග ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.

Read more

Local News