තවදුරටත් දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණය

Share

දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් දිවයිනේ උතුරු කොටසේ අපේක්ෂා කළ හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, බස්නාහිර පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News