පිටකොටුවේ සිටි යාචකයින් 62ක් අධිකරණය හමුවට

Share

පිටකොටුව බස්නැවතුම්පොළ හා තදාසන්න ප්‍රදේශවල සිටිය දී පොලිසිය විසින් නිරෝධායනය සඳහා යොමු කළ යාචකයින් 62 දෙනෙකු අද(22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

 

එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සියලු දෙනා දින 14 ක නිරෝධායනය අවසන් කළද නගරයේ නිකරුණේ ගැවසීම මඟින් මහජන සෞඛ්‍යය කෙරෙහි බලපෑ හැකි බවයි.

වයස්ගත පුද්ගලයින් හැර සෙසු සියලු දෙනාට වෘත්තීය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවද පොලිසිය මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ යාචකයින් 62 දෙනාම රිදීගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

Read more

Local News