බංග්ලාදේශයේ රැදී සිටි ලාංකිකයන් 276 ක් දිවයිනට

Share

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන එම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට අද(24) අලුයම 1.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් රැගෙන පැමිණි බඩුබාහිරාදිය ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැඟිලි තුළට ඇතුළු වීමට පෙර විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

පසුව මෙම ගුවන් මමගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බලන්නට ද කටුනායක ගුවන් තොටුපළේ පියවර ගුවන් තිබුණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ යොදා ගෙන , මෙම ගුවන් මගීන් පිරිස , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.

Read more

Local News