කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර

Share

සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා රෙස්ටුරන්ට් සඳහා හෙට සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

 

වෛද්‍යවරයා පැවසුවේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෙට සිට එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව ය.

අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවද ඔහු පැවසුවේ ය.

Read more

Local News