බැසිල්ට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මසට කල් යයි

Share

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර ප්‍රදානය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 2292ක පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල විය.

මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරිය නියෝග කළේ මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 29 වන දා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවන බවයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා, එම අමාත්‍යාංශය හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන බන්දුල තිලකසිරි යන අය නම් කර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර ප්‍රධානය කිරීම තුළින් රුපියල් මිලියන 2292ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News