සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 712ක් දක්වා ඉහළට

Share

අද(26) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ඊයේ(25) දින 1182 දක්වා ඉහළ ගියේය.

මේ අතර ආසාදිතයින් 460 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News