කොරෝනා වෙෙරසයේ දෙවැනි උච්ඡතම අවස්ථාවක් ගැන අනතුරු ඇඟවීමක්

Share

ලෝක සෞඛ්‍යය සංවිධානය කොවිඩ් 19 දෙවැනි උච්ඡතම අවස්ථාවක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

 

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය මයික් රයන් ඊයේ(25) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ වන විට ලෝකය පළමු රැල්ල මැද සිටින බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන්

“අපි තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවධියකයි. ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි.

රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ දෙවැනි රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි.

අපට මේ ආකාරයෙන් දෙවැනි උච්ඡතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවිය හැකියි.

මයික් රයන් පවසන්නේ  කොවිඩ් 19 ආසාදිතයන් පහත වැටීම ස්වභාවිකව සිදු නොවූ බවත් මේ නිසා සෑම රටක්ම උදාසීන නොවී කටයුතු කළ යුතු බවයි.

ජනගහණය කෙරෙහි  බලපා ඇති දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඒ සඳහා හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News