ශ්‍රි ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක් – වරාය නගර විශේෂ ආර්ථික කලාපය පිළිබඳ සාකච්ඡාවක්

Share

2020 ජුනි 02, කොළඹ: ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI) මගින් “Port City SEZ – A Catalyst for Modern Services in Sri Lanka”(කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය – ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක්) නමින් විශේෂ සාකච්ඡාවක් 2020 ජුනි මස 04 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මෙයට සමගාමීව PwC Sri Lanka ආයතනයේ මැදිහත්වීම් කාර්යයෙන් “Colombo Port City: Potential growth impact for Sri Lanka” (කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා බලපෑම් කිරීමට ඇති හැකියාව) මැයෙන් අන්තර්ජාලය ඔස්සේ සම්මන්ත්‍රණයක් එදින පෙ.ව 11.00ට (ජාත්‍යන්තර වේලාව +05.30) ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ කොළඹ වරාය නගරය, නිදහසින් පසුව ගතවූ වසර 70කට අධික කාලය තුල මහත් අභිලාෂයන් පෙරදැරිව අරඹනු ලැබූ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියයි.

මෙම වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ (SEZ) දිගුකාලීන තරඟකාරිත්වය සහ ශ්‍රී ලංකාවේ සේවා ප්‍රමුඛ වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වීමට එයට ඇති හැකියාව සම්බන්ධයෙන් LKI හි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

නවීන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය, වරාය නගරයේ පරිණාමය හැඩගස්වා ගත හැකි ගෝලීය සහ දේශීය අවස්ථා සහ නවීන සංවර්ධනයන් සම්බන්ධ පුළුල් වූ අවබෝධය, උසස් සේවා පදනම් කර ගනිමින් ස්ථාපිත වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති තන්ත්‍රයේ සංවර්ධන කාර්යයන්සම්බන්ධයෙන්ද මෙම වාර්තාව මගින් අවධානය යොමු කර ඇත.

මෙම වර්තාවයට අනුව ශ්‍රී ලංකාව උපාය මාර්ගික භූගෝලීය පරිසරයක පිහිටීම සහ වෙනත් ස්ථානයන් හි පිහිට විශේෂ ආර්ථික කලාපයන්ගේ අත්දැකීම් තුලින් ක්‍රියාත්මක කලයුතු සහ නොකලයුතු දේ පිළිබඳව තීරණය කිරීමේ හැකියාව යන ද්විත්ව වාසි ශ්‍රී ලංකාව සතුවන බව යෝජනා කර ඇත. තවද පශ්චාත් COVID -19 ආර්ථික යුග පසුබිමක, කාලයත් සමඟ සාර්ථක වීමට පෝර්ට් සිටි වෙත ඇති වාසිදායක ජාතික ආර්ථික ප්‍රතිපත්ති සහ තරඟකාරී SEZ වැඩපිළිවෙලක් වැඩිදියුණු කරනු ඇතැයි ද එම වාර්තාවේ අවසානයේ දක්වා ඇත.

පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් පැවතුනද, ව්‍යාපෘතිය මගින් නිර්මාණය විය හැකි ගමන් පථය පිළිබඳ අධ්‍යයන හා ප්‍රතිපත්ති මත පදනම් වූ පර්යේෂණ අල්පය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ සාහිත්‍යයේ ඇති පරතරය පිරවීම සහ ප්‍රතිපත්තිමය අවබෝධයක් ලබා දීම අරමුණු කරගනිමින් වරායනගරයේ දිගුකාලීන තරඟකාරිත්වය සම්බන්ධයෙන් ස්වාධීන අධ්‍යයන කාර්යය සඳහා CHEC Port City Colombo Pvt Ltd සමාගම විසින් ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය (LKI) තෝරාගනු ලැබීය.

PwC Sri Lanka වෘත්තීයවේදීන් සහ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නායකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන මෙම විද්වත් සාකච්ඡාව නැරඹීමෙන් සම්බන්ධ වීමට ඔබටද හැකියාව ඇති අතර, ඒ සදහා 0779 290 058 යන දුරකථන අංකයෙන් හෝ viraine.senadheera@pwc.com මගින් විරායින් සේනාධීර අමතා නොමිලේ ලියාපදිංචි වීමේ හැකියාව ඇත.

Read more

Local News