ව්‍යාජ ලියකියවිලි ළඟ තබා ලාංකිකයින් දෙදෙනෙකුට සිරදඞුවම්

Share

ව්‍යාජ ලියකියවිලි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිංගප්පූරුවේ දී බන්ධනාගාර ගත කර තිබේ.

 

21 හැවිරිදි 32 හැවිරිදි අදාළ ශ්‍රී ලාංකිකකයින් දෙදෙනාට මාස අට බැගින් සිරදඞුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ව්‍යාජ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ සිංගප්පූරු හැදුනුම්පතක් ළග තබාගැනීමේ චෝදනා මත එක් පුද්ගලයෙකු පසුගිය පෙබරවාරි 29 වන දින සිංගප්පූරුවේ ටුවාස් මුරපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට ආධාර අනුබලදීමේ චෝදනාව මත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොවුන් සරණාගතභාවය සදහා කැනඩාවට යාමට මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ව්‍යාජ ලියකියවිල් සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් වූ අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාස 08ක සිරදඞුවමක් ලබාදී ඇති බව සදහන්.

Read more

Local News