Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක්

Share

ලොව ප්‍රමුඛපෙළේ ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වෙන Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

එම ආයතනය සඳහන් කළේ, මින් පරිගණක සේවා භාවිතය, ඊ මේල් භාවිතය මෙන්ම අභ්‍යන්තර සේවා භාවිතයට බලපෑම් එල්ල වී ඇති බවය.

ජපානයෙන් පිටත නිෂ්පාදන ක්‍රියාවලි වෙත ද මින් බලපෑම් එල්ල වූ බව එම අයතනය වැඩිදුරටත් පැවසීය.

වෛරසය සිය ජාලය පුරාම පැතිරගොස් ඇතැයි පැවසූ එම ජපාන වාහන නිෂ්පාදන ආයතනය ඒ පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණ කර නොමැත.

Read more

Local News