රනිල් වගකිව යුතු දෙයක් ගැන පාඨලී කියයි

Share

පසුගිය ආණ්ඩුව සමයේ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරිම සිදු කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත බව කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේ කැබිනට් හමුවකදි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් අර්ජුන මහේන්ද්‍රන්ගේ නම යෝජනා කළ විට තමන් සහ රාජිත සේනාරත්න මහතා එයට විරුද්ධ වු බවත් ඔහු පැවසීය.

නමුත් මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් තමා සම්පුර්ණයෙන් වගකියන බවට එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවසූ බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එම නිසා මහ බැංකුවේ සිදු වූ වංචාවන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව ඔහු අවධාරණය කළේය.

Read more

Local News