හෙද පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලයේ විවෘත කරයි – කොරියානු සහායෙන්

Share

ප්‍රථමවරට කොරියානු රජය හා කොරියානු Inje විශ්වවිද්‍යාලයේ සහාය ඇති ව හෙද පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලයේ විවෘත කරයි.
ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳ ව කොරියානු රජයට සිය ස්තූතිය පුද කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2013 වසරේ සිට මේ දක්වා ව්‍යාපෘතිය ආරම්භ කොට ඒ පිළිබඳ ව දැක්වූ උනන්දුව අගය කරන බවත් කීය.
මෙම නව පීඨය ආරම්භ කිරීමත් සමග අධ්‍යාපනය පමණක් නොව විවිධ අධ්‍යයනයන් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබෙන අතර ම දෙරටේ සංවර්ධනය සඳහා මෙය අවස්ථාවක් කර ගත යුතු බවට Inje විශ්වවිද්‍යාලයේ සභාපති ඉන්.ජුන්චා මහතා පැවසීය.

Read more

Local News