Home දේශීය පුවත් පාසල් ප්‍රවාහන සේවාවන් ජූලි 27 වැනිදා සිට අරඹයි

පාසල් ප්‍රවාහන සේවාවන් ජූලි 27 වැනිදා සිට අරඹයි

0
පාසල් ප්‍රවාහන සේවාවන් ජූලි 27 වැනිදා සිට අරඹයි

පාසල් හෙට දිනයේ ආරම්භ වන නමුත් පාසල් ප්‍රවාහන සේවාවන් ආරම්භ වන්නේ ජූලි 27 වැනිදා සිට බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේ, පාසල් ළමුන් ප්‍රවාහන සේවාවේ ගැටලු පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.

“හෙට දින පාසල් ආරම්භ වෙනවා කියලා කියනවා. නමුත් අපි හෙට අපේ සේවාවන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද පාසල් පටන් ගන්න, ඉවර වෙන වෙලාවන් වෙනස් පන්ති පන්තිවලට. ඒ නිසා අපිට වාර ගොඩක් දුවන්න වෙනවා. ඒක කරන්න අමාරු වෙනවා. ඒ නිසා අපි අපේ සේවාවන් පටන් ගන්නේ ජූලි 27 වැනිදා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here