චීන පාලනයේ පවතින මොන්ගෝලියාවෙන් මහාමාරිය රෝගියෙක් හමුවෙයි

Share

චීන පාලනය යටතේ පවතින අභ්‍යන්තර මොන්ගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙක් හමුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

එම රෝගියා හමුවීමත් සමඟම එම කලාපයේ සෞඛ්‍යාරක්ෂිත කටයුතු වැඩි කිරීමට චීන බලධාරීන් ක්‍රියාකර ඇති බව වාර්තා වෙයි.

බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් හටගන්නා මහාමාරිය රෝගය මාරාන්තික වුව ද නිසි අවස්ථාවේ ප්‍රතිජීවක ලබාදීමෙන් සුව කරගත හැකිවේ.

එම හඳුනාගත් රෝගීයා එඬේරෙකි.

ඔහු මේ වන විට නිරෝධායනට ලක්කර සිටින බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සඳහන්.

ඔහුට රෝගය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.

Read more

Local News