ලක්සෙත සෙවණේ දී වෙඩි ප්‍රහාරයට ලක් වු පුද්ගලයා මරුට

Share

මාලිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ.

 

පසුගිය මැයි මස 30 වන දා අදාළ වෙඩි තැබීම සිදුවූ අතර එහිදී තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) උදෑසන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි මාලිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News