උණවටුන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසයි

Share

උණවටුන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ.

 

එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් එම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අදාළ ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ ද, ඔහු ආසාදිතයෙකු නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව උණවටුන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.වයි.ලක්ෂාන් මහතා පැවසීය.

දුම්රිය ස්ථානය අද (13) පෙරවරුවේ විෂබීජහරණයට ද ලක් කළ බව ඔහු සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටි කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වු හබරාදූව පදිංචිකරුවෙකු මෙලෙස ස්ථානාධිපතිවරයා සමග සමීප ව ඇසුරු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් ස්ථානාධිපතිවරයාට දින 14ක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබේ.

Read more

Local News