සියලු බස් රථ තුළ වෙළෙඳාම් කිරීම සපුරා තහනම්

Share

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

 

ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිට ම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම තහනම් කරනු ලැබීය.

මෙවැනි වෙළඳුන් හේතුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යන බැවින් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News