මාවනැල්ලේ බුදුපිළිමවලට හානිකිරීමට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

Share

මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 36 දෙනෙකු එළඹෙන 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

 

අදාළ සැකකරුවන් අද (13) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම සැකකරුවන්ගෙන් 16 දෙනෙකු කෑගල්ල බන්ධාගරයෙත්, 13 පල්ලේකැළේ රක්ෂිත බන්ධනාගාරයෙත් රඳවා සිටී.

2019 ජනවාරි මස 2 වන දා හෝ ඊට ආසන්න දිනයක දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කීපයක බුදුපිළිමවලට හානිකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය හා මාවනැල්ල පොලීසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි

Read more

Local News