A/L සහ ශිෂ්‍යත්ව විභාගයේ දින අද ප්‍රකාශයට පත් කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, පවතින කොරෝනා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දින වකවානු තීරණය කරන බවය.

දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම කල් යාමේ අවදානමක් ඇතිවුවහොත් උසස් පෙළ විභාගය පැවැත්වීම තවදුරටත් කල් යා හැකි බව ද ඔහු පැවසුවේ ය.

රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය එකවර පැවැත්වීමට දැනට තීරණය කර ඇති බවයි.

එහෙත්, පාසල් ආරම්භය යළි ප්‍රමාද වුවහොත් ශිෂ්‍යත්ව විභාගය වෙනම පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රංජිත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ ය.

මේ අතර පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන්, ලබන සිකුරාදා කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය සමග යළි සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, පාසල් විවෘත නොකරන්නේ නම් නිවෙස්හි සිට සිසුන්ට අධ්‍යාපන කටයුතු කළ යුතු උපදේශන මාලාවක් ගුරුවරුන් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

Read more

Local News