මාතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 22753ක්

Share

මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසුවේ 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයින් 22753 දෙනෙකු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් පසුගිය 25 සහ 26 දෙදින වල රාජ්‍ය ආයතන 127 ක දී ඔවුන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කිරීමට කටයුතු කළ බවයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 1854 දෙනෙකු ඉදිරිපත් වී සිටිති. ඒ අතරින් සභිකයින් 365 දෙනෙකු තෝරාපත්කර ගන්නා අතර සභිකයින් 224 දෙනෙකු ඡන්දයෙන් ද, සභිකයින් 141 දෙනෙකු ලැයිස්තුවෙන් ද තෝරාපත් කර ගැනීමට නියමිත ය.

මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 222 පවතින අතර එයින් මී ඇල්ල හා තැනිපිට බහු මන්ත්‍රී කොට්ඨාස වේ. එම කොට්ඨාසවල මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් තෝරා පත්කර ගැනේ.

මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව රජයේ නිලධාරීන් 7000 ට අධික පිරිසක් යොදා ගැනේ. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 644800 දෙනෙක් සිටිති. පෙබරවාරි 10 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 523 ක දී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

Read more

Local News