මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය දෙන වෙලාව ?

Share

නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව සලසාදීම පිළිබඳව හෙට (27) අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම පැවසීය.

 

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් යළි එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බවය.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් සමග මැතිවරණ කොමිසම අද සාකච්ඡාවක නිරත විය.

එහිදී නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන ඡන්දයේ පළමු ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා පස්වරුව වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වීමට නියමිත රාජ්‍ය නිලධාරීන් සඳහා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සැපයීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත යුතු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම උපදෙස් ලබා දිය යුතු බවය.

Read more

Local News