කොරෝනා ආසාදනයෙන් එක්සත් ජනපද හිටපු ජනපතිධූර අපේක්ෂකයෙක් මියයයි

Share

2012 වසරේදී අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි  හර්මන් කේන් කොවිඩ් -19 වැළඳීමෙන් මියගොස් තිබේ.

 

74-හැවිරිදි හර්මන් ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව මීට සති කිහිපයකට ඉහත දී රෝහල්ගත කළේය.

2006 වසරේදී පිළිකා රෝගය හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වූ කේන්, කොවිඩ් -19 වැළඳී මියගිය, ප්‍රකට අමෙරිකානුවන් අතුරින් කෙනෙකි.

ජුනි 20 වෙනිදා ඔක්ලහෝමා හි පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වූ ජනරැළියක ට මුඛ ආවරණයක් රහිතව කේන් එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජුලි 1 වැනිදා කොරෝනා රෝග ලක්ෂණ සහිතව ඔහුව රෝහල්ගත කර තිබේ. නමුත් ඔහුට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය අපැහැදිලි බව පැවසේ.

Read more

Local News