ජනතාවගේ වගකීමක් ගැන අගමැති කියයි

Share

ලක්ෂ හැට නවයක් අනුමත කළ ප්‍රතිපත්ති යථාර්තයක් බවට පත්කළ හැකි වන්නේ ජනාධිපතිවරයා සතු ආණ්ඩුවක් රට තුළ ක්‍රියාත්මක විම මගින් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

එම නිසා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ජනාධිපතිවරයාට ලබාදීම ජනතාවගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කලවාන ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දේශපාලන ඉතිහාසයේ දැවැන්ත පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ වගකීම සජිත් ප්‍රේමදාස මහතා භාරගත යුතු බවය.

Read more

Local News