මම ජනතාවට ආර්ථික පැකේජයක් දෙනවා – සජිත්

Share

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ආර්ථිකයේ පරිවර්ථනයක් සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින්ගේ ජනහමුවක් මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්විය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සිය ජයග්‍රහනයෙන් පසුව ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන බවය.

ඒ අනුව ජනතාවට ආයෝජනය, පරිභෝජනය සහ ඉතිරිය සිදුකළ හැකි බවත් එයින් සිදු වන්නේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම බවත් ඒ මහතා පැහැදිලි කළේය.

Read more

Local News