ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) දිනයේ කථානායක නිළ නිවසේ දී රැස්වීමට නියමිතව ඇත.

 

ඒ 08 වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ එහි සභාපති කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සෙසු සාමාජිකයින් එක්වීමට නියමිතය.

මෙහිදී මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව මුදල් කොමිසම, සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා ඇගයීමට ලක්කෙරුණු ඇත.

Read more

Local News