අද කාලගුණය

Share

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් හා සුළං වේගයේ වැඩිවීමක් අද (06) දිනයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් බස්නාහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

විශේෂයෙන් උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට කි.මි.(50-60) දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතන බවත් වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Read more

Local News