ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

Share

මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය පවසයි.

 

පක්ෂ මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයින්ගේ අනුමැතිය ඒ සඳහා හිමිව ඇති බව එහි මාධ්‍ය ලේකම් එරන්ද නවරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව පක්ෂ සභාපතිවරයා හා ලේකම්වරයා ඒ පිළිබඳ අද හෝ හෙට දින මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

කෙසේවෙතත් එහි මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමි විසින් තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගෙන ඇති බව සඳහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත භාරදීම හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණි.

Read more

Local News