ලෙබනනය යළි ගොඩනැගීමට ජාත්‍යන්තරයෙන් ආධාර

Share

ලෙබනනය යළි ගොඩනැගීම සඳහා යුරෝ බිලියනයක ආධාර ලබාදීමට ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් එකඟ වී තිබේ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ පරිත්‍යාගශීලීන් යුරෝ මිලියන 300කට ආසන්න මානුෂීය ආධාර සෘජුවම ලබාදීමටද සැලසුම් කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

ප්‍රංශය, අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ද ලෙබනනයට ආධාර ලබාදීමට ඉදිරිපත් විය.

මේ අතර පිපිරීමෙන් අනතුරුව බේරූට්හි ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වී තිබේ.

පිපිරීම හේතුවෙන් කෝපයට පත් පිරිස් යළි වරක් වීදි බැස විරෝධතාවල නිරත විය.

ඒ හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑසූ ප්‍රහාර එල්ල කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පසුගියදා සිදු වූ පිපිරීමෙන් මිය ගිය පිරිස මේ වනවිට සටහන් වන්නේ 158 ක් ලෙස ය.

තවත් 100 කට අධික පිරිසකගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පවතින තත්ත්වය යටතේ එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය ධූරවලින් ඉවත්ව ඇති බව සඳහන් ය.

Read more

Local News