මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි කිහිපයක ඇතිවේ.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00ට පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මි (40-50) දක්වා තද සුළං ඇති විය හැක.

Read more

Local News