ශරීරයට අහිතකර දෑ අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රූපලාවන්‍ය ආලේපන හා දියර වර්ග සම්බන්ධයෙන් ඊයේ (19) දින දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී විධාන අංක 65 සහ 66 කඩකරමින් ආනයනකරුගේ විස්තර සඳහන් නොකිරීම, ලේබලයේ අඩංගු විය යුතු කරුණු සඳහන් නොකිරීම යනාදී වැරදි සම්බන්ධයෙන් අදාළ ආයතනවලට හා පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලදී.

 

ඊයේ දිනය තුළ දිවයින පුරා වැටලීම් 88 ක් සිදු කරන ලද අතර, එහිදී මිනිස් ශරීරයට අහිතකර ඊයම් සහ වෙනත් අහිතකර ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අධිකාරිය භාරයට ගනු ලැබූ අතර එම භාණ්ඩවල වෙළෙඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් වේ. රූපලාවන්‍ය ආලේපන හා දියර වර්ග සම්බන්ධ වැටලීම් ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි.

Read more

Local News