ඉන්දීයාවේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොරෝනා

Share

ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

 

එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්‍ර සිං හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ඉන්දීය රජයේ අමාත්‍යවරුන් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 69,652ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,836,926ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ථ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53, 866ක් ලෙසය.

Read more

Local News