ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් විමට සෝනියා ගාන්ධි තීරණය කරයි

Share

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්වන බව සෝනියා ගාන්ධි පවසයි.

 

ඒ , කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන තීරණ ගැනීමේ මණ්ඩලය වන මධ්‍යම කාරක සභාව කමිටුවේ සාමාජිකයන් ජන්දයකින් තෝරාපත් කරගන්නා ලෙස සඳහන් කළ ලිපියක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ය.

එම ලිපියට මුල්වී ඇත්තේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන නායකයන් 20 කට අධික පිරිසක් ය.

පූර්ණකාලීන , සක්‍රීය , ප්‍රතිඵලදායක මෙන්ම සාමූහික නායකත්වයක් බලය විමධ්‍යගත කිරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම , ප්‍රාන්ත ඒකක බලගැන්වීම සහ සෑම මට්ටමකදීම සංවිධානාත්මක මැතිවරණ පැවැත්වීම යන ඉල්ලීම් මෙමඟින් ඉල්ලා ඇතැයි සඳහන් ය.

එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පක්ෂ නායකත්වය පිළිබඳ පවතින අස්ථිරභාවය පක්ෂයේ සේවකයන් අධෛර්යයට පත් කර පක්ෂය දුර්වල කළ බවයි.

කොංග්‍රස් පක්ෂයේ 134 වසරක ඉතිහාසය තුළ වැඩි කාලයක් පක්ෂය මෙහෙයවූ ගාන්ධි පවුලේ සාමාජිකයන්ට මෙම සාමූහික නායකත්වයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස රැඳී සිටිය හැකි බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.

මෙම ලිපියෙන් පසු තවදුරටත් පක්ෂයේ අන්තර්වාර සභාපතිවරයා ලෙස රැඳී සිටීමට අවශ්‍ය නැතැයි සෝනියා ගාන්ධි ප්‍රකාශ කළේ ය.

73 හැවිරිදි ඇය අද පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හමුවේදී මේ පිළිබඳ සාකච්ජා කිරීමට නියමිත ය.

මේ අතර සෝනියා ගාන්ධි ගේ දරුවන් වන රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි සඳහන් කළේ, පක්ෂයේ නායකත්වය ගැනීමට තමන් සූදානම් නැති බවයි .

කොංග්‍රස් පක්ෂයේ බිඳවැටීමට මීට පෙර පැවති පක්ෂ නායකත්වය වගකිව යුතු බව මීට පෙර පක්ෂයේ තරුණ නායකයන් චෝදනා කර තිබුණි.

ඇතැමුන් පවසන්නේ නායකත්වය නොදැරුවද , වක්‍රාකාරයෙන් පක්ෂයේ ප්‍රධාන තීරණ සියල්ලටම රාහුල් ගාන්ධි බලපෑම් කරන බවයි .

කොංග්‍රස් පක්ෂය ඉකුත් වසරේ මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉවත් විය.

මෙම ලිපිය හේතුවෙන් ගාන්ධි පවුලට පක්ෂපාතී සහ විපක්ෂ කණ්ඩායම් ලෙස කොංග්‍රස් පක්ෂ නායකයන් පිල් බෙදී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Read more

Local News