කොරෝනා ආසාදිතයින් 5ක් පූර්ණ සුවය ලබයි

Share

අද (25) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ, අනුව සුවය ලැබු සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,816ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ (24) දිනයේ තුළ නව කොවිඩ් රෝගීන් හය දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2959 දක්වා ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 131 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබයි.

Read more

Local News