රවී කරුණානායක ට අල්ලස් කොමිසමට කැඳවයි

Share

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණි.

 

ඒ මහතා අද (25)උදෑසන 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට වෙත පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

පැය හතරකට වැඩි කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් ඒ මහතා සවස 1.30 පමණ ඉන් පිටව ගියේය.

Read more

Local News