නතරකර තිබූ දුම්රිය කිහිපයක් නැවත ධාවනයට

Share

දුර ගමන් සේවා සදහා තාවකාලිකව නතරකර තිබූ දුම්රිය කිහිපයක් නැවත ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

එනම් ලබන 28 වන දා සිට අංක 4021 හා 4022 දරණ දුම්රියන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද, අංක 1001 දුම්රිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද, අංක 1002 දරණ දුම්රිය සෙනසුරාදා හා ඉදිරිදා දිනවල ද, ධාවනය සඳහා යෙදවීමට තීරණය කර ඇත.

මේ අතර ගල්කිස්ස හෝ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා පෙ.ව 5.10ට දිනපතා ධාවනය වූ අංක 4021 දරණ දුම්රියද, කන්කසන්තුරේ සිට කොළඹ කොටුව හා ගල්කිස්ස  දක්වා ප.ව 11.15 ට දිනපතා ධාවනය වූ අංක 4022 දරණ දුම්රියද, අගෝස්තු මස 29,30,31 හා සැප්තැම්බර් 01 යන දිනවල කිසිදු වෙනසකින් තොරව ධාවනය වන බව දෙපාර්තමේන්තුව දන්වා සිටී.

එමෙන්ම පෙ.ව 6.45ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා  දිනපතා ධාවනය වූ අංක 1001 දරණ දුම්රිය අගෝස්තු 28,30, හා 31 යන දිනවල දීද, පෙ.ව 8.00 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 යන දිනවලදීද, එම වෙලාවටම ධාවනය වේ.

Read more

Local News