කරූට සමඟි ජන බලවේගයෙන් ආරාධනාවක්

Share

හිටපු කථානායක කරු ජයසූරිය මහතාට සමඟි ජන බලවේගයෙන් ආරාධනා කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත් කිරීමට නොහැකි බව පසුගිය දා (25) කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ දැනුම්දීමෙන් පසු සමඟි ජන බලවේගය විසින් මෙම ආරාධනාව කර තිබේ.

නව නායකත්වය සඳහා කරු ජයසූරිය මහතා පත් කර ගත යුතු බව පක්ෂයේ උපනායක රවී කරුණානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන් යෝජනා කර තිබුණ ද පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හෝ ජාතික විධායක සභාවේ නැති අයකු පක්ෂයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගත නොහැකි වීමෙන් ඔහුගේ නම ප්‍රතික්ෂේප වී තිබිණි.

Read more

Local News