කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩුරිප්පු ප්‍රදේශවලට අද හිරු මුදුන් වෙයි

Share

අද (29) දින මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේම බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගන් ඉල්ලා සිටියි.

එසේම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට දින (29) දහවල් 12:10ට කරියමුල්ලිවයික්කාල් සහ පුදුකුඩුරිප්පු ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

Read more

Local News