අද සිට දිවයිනේ වැසි තත්ත්වය වැඩිවෙයි

Share

අද (31) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාතවලත් මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළඟ පැ.කි.මී 40ක් දක්වා තරමක තද සුළං වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික සුළං මඟින් අනතුරු සිදුවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News