එක්නැළිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 04 වැනිදාට

Share

පැහැරගෙන ගොස් අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ නඩුවට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම අද (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ විය.

 

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 04 වන දා තෙක් කල් තැබිණි.

Read more

Local News