රුසියාවේ වෙෙරසයට එරෙහිව නිපදවූ එන්නත ගැන පළමු වාර්තාව

Share

කොරෝනා වෙෙරසයට එරෙහිව රුසියාව විසින් නිෂ්පාදනය කර එරටෙහි දීම අත්හදා බලන ලද කොවිඩ් -19 එන්නත ලබාදුන් පුද්ගලයින්ගේ සිරුරේ වෛරස සමනය කෙරෙන ප්‍රතිදේහ නිර්මාණය වන බව පර්යේෂණයකින් සනාථ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එන්නත ලබාදුන් පුද්ගලයින් තුළ යම් උණ තත්ත්වයක් ද හටගත් බවත් එය සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙය බලාපොරොත්තු සහගත තත්ත්වයක් බව ලැන්සෙට් වෛද්‍ය සඟරාව සදහන් කරයි.

එම එන්නතෙහි තෙවැනි අදියරෙහි අත්හදා බැලීම් සිදුකර නොමැති අතර පළමු සහ දෙවැනි අදියරේ අත්හදා බැලීම්වලදී එම කාර්යයට එක්වූ පුද්ගලයින්ගේ සිරුරු තුළ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය වූ බව හඳුනාගෙන තිබේ.

රුසියානුවන් මෙම එන්නත හඳුන්වා ඇත්තේ ස්පුට්නික් V යන නම්නි.

Read more

Local News