ඉදිරි දිනවලදී දිවයින පුරා වැසි සහිත කාලගුණයක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (3) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ ඉදිරි දිනවලදී දිවයින පුරා නැවතත් වැසි සහිත කාලපරිච්ජේදයක් අපේක්ෂා කළ හැකි බවයි.

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News