“බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය“ ඔක්තෝම්බර් 01 දා සිට

Share

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(07) දින උපදෙස් ලබා දුන්නේය.

 

නව රජය පිහිටුවීමෙන් පසුව අරලියගහ මන්දිරියේ පැවති බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට එක් වෙමින්, අරමුදලේ සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඊට අමතරව මෙම අරමුදලට රජයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දායක වේ.

මෙම අරමුදල වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද අගමැතිතුමා උපදෙස් දෙන ලදී.

Read more

Local News